Friday, September 20, 2024

General line - 0115112241

සත් වසරක් තිස්සේ පිරිමින් ලැගුම්හල් වලට ගෙනගොස් පෙති පොවා සුද්ද කතක් මීරිගමදී කොටුවූ හැටි!



සිය ස්වාමි පුරුෂයාගේද සහය ඇතිව වසර හතක්‌ තිස්‌සේ පිරිමින් රවටමින් ඔවුන් සමඟ මිතුරු වී ලැඟුම්හල්වලට රැගෙන ගොස්‌ ඔවුන්ගේ මුදල් ඇතුළු සියලු දැ කොල්ලකෑමට පුරුදුව සිටි කාන්තාවක්‌ මීරිගම පොලිසිය මඟින් ඉකුත් දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව පිරිමින් සමඟ පළමුව මිතුරුකමක්‌ ඇතිකර ගන්නා අතර පසුව යහන්ගතවීම සඳහා ලැඟුම්හලකට යැම සඳහා ඔවුන්ට ආරාධනා කරයි.

ඉන්පසුව ඇය යම් පෙති වර්ගයක්‌ ඔවුන්ට ලබා දෙනු ලබන අතර ඇය පවසන්නේ එම පෙති බීමෙන් පසුව යම් ශක්‌තියක්‌ වර්ධනය වන බවයි.

කෙසේ වුවත් මෙම පෙති ලබා ගැනීමෙන් පසු පිරිමියාට නින්ද යන බව මෙම කාන්තාවට හසුවූ පිරිමින් පොලිසියට පවසා ඇත.

නින්දයෑමෙන් පසුව තමන් සන්තකයේ ඇති සියලු මුදල් සහ වටිනා කියන සැමදේම ඇය විසින් කොල්ලකා පලා යන බව ඔවුහු සඳහන් කරති.

නිට්‌ටඹුව ප්‍රදේශයේ ආපනශාලාවක සවි කර තිබූ සී. සී. ටී. වී කැමරාවක ඇය පිරිමියකු සමඟ සංවාදයේ යෙදෙන අයුරු සටහන්ව ඇත.

පසුව එම රූප රාමු මගින් පොලිසිය විසින් කළ පරීක්ෂණ වලින් පසුව මීරිගම, හකුරුකුඹුර ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත.

එම අවස්‌ථාවේදීද කොල්ල කෑ භාණ්‌ඩ රාශියක්‌ ඇය සතුව තිබී පොලිසියට හමුවී තිබෙන බව වාර්තාවේ.