Sunday, December 22, 2024

General line - 0115112241

අම්බලන්ගොඩ පුද්ගල ඝාතනයක් පිළිබඳ පරීක්ෂණ




අම්බලන්ගොඩ ඉඩන්තොට ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබුණා. ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටි අවස්ථාවේ අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදු වන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 63 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.