Friday, September 20, 2024

General line - 0115112241

අනවසරයෙන් පිටියට පැමිණි ප්‍රේක්ෂකයාට බංගලාදේශ නායකයා දැක්වූ සෙනහස (VIDEO/PHOTOS)



පසුගිය දිනෙක ක්‍රිකට් පිටියෙන් අපූරු සිදුවීමක් වාර්තාවුණා

ඒ බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැති එක්දින තරඟයකදී.මේ වෙලාවේ පන්දුවට පහර දෙමින් සිටියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම.තරඟයේ 28 වැනි පන්දුවාරයේදී තමයි මෙම සිදුවීම වෙන්නේ

මෙහිදී තරඟය නරඹන්න ආපු ප්‍රේක්ෂකයෙක් අනවසරයෙන්ම පිටියට දුවගෙන බංගලාදේශ නායකයා ඒ කියන්නේ මෂ්රෆේ මොර්ටාසා ඉදිරියට ඇවිත් ඔහුව බදාගන්න උත්සහ කරනවා.

සාමාන්‍යයෙන් මේ වගේ සිදුවීමකදි බොහො ක්‍රීඩකයන් උත්සහ කරන්නේ එතැනින් ඉවත්වීමටයි.

නමුත් බංගලාදේශ නායකයා එහෙම කළේ නැහැ.ඔහු එම ප්‍රේක්ෂකයාට අතට අත දීලා ඔහුව බදාගන්නවා.

මේ මොහොතෙම ආරංක්ෂ අංශ එතනට ඇවිත් එම පුද්ගලයාව පිටියෙන් ඉවත් කරන්න හදනවා.

නමුත් බංගලාදේශ නායකයා ඊට ඉඩදුන්නේ නෑ.ඔහු අරක්ෂක අංශ වලින් ඔහුව බේරගන්නවා.

බංගලාදේශ ක්‍රිකට් ලෝලීන් මෂ්රෆේ මොර්ටාසාට බෙහෙවින් ආදරය කරන බවයි පැවසෙන්නේ.

මෑතකාලිනව බංගලාදේශය දැක්වූ ඉහළ දසකම් වලට හේතුව මෂ්ර්ෆ්ගේ නායකත්වය කියලයි ඔවුන් බොහෝ දෙනා විශ්වාස කරන්නේ.

මේ සිදුවීමෙදි බංගලාදේශ නායකයා හැසිරුණු විදිය නිසා එම ආදරය ගෞරවය දෙගුණ තෙගුණ වෙලා කියලයි බංගලාදේශ මාධ්‍ය සඳහන් කර සිටියේ.

එම අවස්ථාවේ වීඩියෝව හා ඡයාරූප පහතින් නරඹන්න

mortaza

mash1