Sunday, December 22, 2024

General line - 0115112241

“මේ ආණ්ඩුවටත් බෑ කියලා පෙන්නුවා”




රටේ සම්පත් විකිණීම සහ බිලිදීම සිදුකරන ආණ්ඩුවේ ක්‍රියාව නතර කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අද (03) පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එහිදී හෙතෙම වැඩි දුරටත් පැවසුවේ,

“වත්මන් ආණ්ඩුව රටේ ආර්ථිකය හසුරුවමින් තිබෙන්නේ, අපේ රටේ සම්පත් විකිණීමේ හා බිලිදීමේ දිශාවටයි. මේ ආණ්ඩුව බලයට එනවිට මතයක් හැදුවා, එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව තමයි රටේ ආර්ථිය සුබ දිසාවට හරවන්නේ, ජනතාවගේ සාක්කු පුරවන්නේ, කඩවලට සෙනඟ පිරෙන්නේ, රැකියා දශ ලක්‍ෂයක් උත්පාදනය කරන්නේ වගේ සුරංගනා කතා කියමින්. වසර එකහමාරක් රට පාලනය කරපු  මේ ආණ්ඩුව එම කාලය ඇතුළත පෙන්නුවා අපේ රටේ ආර්ථිකයේ නිෂ්පාදනය වැඩි කරන්න හෝ නිෂ්පාදන ආර්ථිකය ආරක්‍ෂා කරන්න, රැකී රක්‍ෂා හදන්න, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දමන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ විතරක් නෙවෙයි, මේ වසරේ දහවන මාසය ගතවෙන විටත් නිශ්චිත අයවැයක් නැහැ. මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව තබා මුදල් අමාත්‍යාංශයවත් රටේ ආදායම, වියදම ගැන දන්නේ නැහැ.”  

රනිල් හෝ මෛත්‍රී සමග තමන්ට පෞද්ගලික ගනුදෙනු නොතිබූ බවත් මෙතෙක් පත්වුණු කිසිම ආණ්ඩුවක් බලයට එන්නට පෙර කී දේ බලයට ආ පසු නොකළ බවද පැවසුවා.