Monday, December 23, 2024

General line - 0115112241

ගුවන් ගමන් පාලකවරුන් සටන අවසන් කරයි (UPDATE)




ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ඊයේ (03) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කර තිබුණා.

 


පාලකවරුන්ගේ වැඩවර්ජනයෙන් ගුවන් ගමන් අඩාලයි

(Oct 4, 2016 @ 07:35)

ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

ඔවුන් මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ ඊයේ පස්වරුවේ සිටයි.

මේ හේතුවෙන් ගුවන් යානා ගොඩ බැස්වීම් හා පිටත්වීම් විනාඩි 30 සිට පැය දෙක හමාරක කාලපරාසයක් දක්වා ප‍්‍රමාද වී ඇති බවයි ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික තරංග ජයසූරිය පැවසුවේ.

ගුවන් යානා ගොඩබැස්වීමේ හා පිටත්වීමේදී දැනට පවතින ප‍්‍රමාදය අද (04) උදෑසන සිට තවදුරටත් වැඩි විය හැකි බවයි ඔහු කියාසිටියේ.

ඔවුන් මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ මෙතෙක් නොවිසිදුනු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

……………………………………………………….

ගුවන් ගමන් පාලකවරු අකුරට වැඩ

Oct 3, 2016 @ 19:52

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අද (03) පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කළා.

එම සංගමය පැවසුවේ එමගින් ශී‍්‍ර ලංකාවට පැමිණෙන සහ ශී‍්‍ර ලංකාවෙන් පිටත්වන ගුවන් යානාවලට බලපෑමක් එල්ල වී ඇති බවයි.

කෙසේවෙතත් හදිසි අවශ්‍යතා සහිත ගුවන් යානා මෙන්ම මානුෂීය මෙහෙයුම්වල නිරත ගුවන් යානා සදහා වෘත්තීය කි‍්‍රයාමාර්ගයෙන් බාධාවක් නොමැති බවයි ඔවුන් සදහන් කළේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

lastscan