Saturday, September 21, 2024

General line - 0115112241

‘‘මම කැමැති කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට‘‘ – මනීෂා චංචලා



මනීෂා චංචලා කියන්නේ මේ දවස්වල ටෙලිවිෂනයේ වගේම අන්තර්ජාලයෙත් හුඟක් ජනප්‍රිය චරිතයක්නේ.

පසුගිය දවසක ඇය සහ ඇගේ පෙම්වතා යැයි සඳහන් වූ යම් ඡායාරූපයක් ගැනද බුකියේ ඈයෝ හරි හරියට කතා වුණා.

ඒ කොහොම වෙතත් ඇය නම් කියන්නේ ආදරයක් ගැන හිතන්න තව කල් තියනවා කියලයි.

‘‘තාම මට ගෙදරින් ඕනෙවටත් වඩා ආදරය ලැබෙනවා. ඉතින් තව කල් තියෙනවා වෙනත් ආදරයක් ගැන හිතන්න. හැමදේම හොඳම කාලෙට සිද්ධ වෙයි.‘‘

තමන්ගේ කැමැත්ත කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට කියලත් ඇය කියනවා.

‘මම කැමැත්තෙන් ඉන්නේ කලා ක්ෂේත්‍රයෙන් පිට කෙනෙක්ට. හැබැයි ඉතින් තාම ඒ ගැන ලොකුවට හිතලා නැති නිසා මුකුත් කියන්න බැහැ.‘

සංගීතය නිවේදනය හා රංගනය පැත්තෙන් ඉදිරියට යාම අගේ එකම බලාපොරොත්තුව බවත් මෙහිදී පවසා තිබුණා.