Sunday, December 22, 2024

General line - 0115112241

කෝටි විසි පන්දහසක වන්දියක් ගෙවා ආණ්ඩුව ශී‍්‍ර ලන්කන් ගුවන් යානා අත්හරී




ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමට ඇණවුම් කළ ගුවන් යානා අට මිළදී නොගෙන ඒ වෙනුවෙන් වූ රුපියල් කෝටි විසි පන්දහස් අටසියයක වන්දියක් අදාළ සමාගමට ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍ය රවී කරුණානායක නෙත් නිවුස් වෙත කියාසිටියේ ගුවන් යානා මිළදී ගන්නවාට වඩා රටට ඉන් වාසියක් අත්වන බවයි.

මෙම ගුවන් යානා 8 ඇණවුම් කර තිබුණේ ඉකුත් ආණ්ඩුව සමයේ බවද අමාත්‍යවරයා සදහන් කළා.

“ශ්‍රී ලන්කන් ආයතනය කෝටි 16.700ක් අලාභයට තියලා අපට අනවශ්‍ය අහස් යානා 8ක් ලබාදීලා තියෙනවා. මේක අද ගෙව්වේ නැත්නම් මිලියන 900ක් මාසෙකට ගෙවන්න තියෙනවා. කවුද ඒක ගෙවන්නේ. ඒ වගේම මේක අපි භාර නොගත්තොත් අපට කෝටි විසි පන්දහස් අටසියයක වන්දියක් ගෙවන්න තියෙනවා. මේ දෙක අතර අපි කොහොමද ඉදිරියට යන්නේ. මේ රටේ බස් අවශ්‍යවෙලා තියෙනකොට එයාර් බස් ගෙනල්ලා මේ හොරකමකට කරපු දේවල් දැන් තමයි හෙළිදරව් වෙන්නේ”.

මේ අතර මිහින් ලංකා ගුවන් සමාගමේ කටයුතු ලබන ඔක්තෝම්බර් 30 වනදායින් පසුව ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම වෙත පවරා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව දැනට මිහින් ලංකා ගුවන් සමාගම විසින් පවත්වාගෙන යනු ලබන සියලු ගුවන් ගමන් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම ඔස්සේ සිදුකරනු ඇති.