Sunday, December 22, 2024

General line - 0115112241

‘වලේ සිගරට් බී සරච්චන්ද්‍රගේ ආත්මය සෙලව්වාට‘ කෝපවී වාහන කුඩු පට්ටම් කර පහරදීලා (PHOTOS)



පසුගිය ඔක්තෝම්බර් 01 දා රාත්‍රියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල වලේදී (සරත්චන්ද්‍ර වල) පැවති සංගීත රාත්‍රියකදී පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පැමිණි පිරිසකට පහරදී තිබෙන පුවතක් මේ වන විට වාර්තා වනවා.

ඔවුන් මෙසේ පහර දී තිබෙන්නේ Down Town Pulse කණ්ඩායමේ සමාජිකයින් පිරිසකටයි.

මෙම පහර දීමට හේතුව තිබෙන්නේ වලේ (සරත්චන්ද්‍ර වල) දුම්වැටියක් පානය කිරීම නිසා බවයි සඳහන් වන්නේ.

පසුව එතැනට බීමතින් පැමිණි සිසුවෙක් (වලේ සුදා යැයි හඳුන්වාගන්නා) නින්දිත ලෙස කුණුහරුපයෙන් බැන වදිමින්, ඔවුන් සිගරට් බීම නිසා සරච්චන්ද්‍රගේ ආත්මය සෙල වී මොරදෙන බවත් ” එය තමාට වැටහෙන බවත් ” එම නිසා සිගරට් නොබී ශුද්ධ භූමිය නොකෙලසා සිටින ලෙසත් ඔවුන්ට දන්වා තිබෙනවා.

පසුව ඔවුන් එතැනින් ඉවත් වී අතර වලේ සුදා නැමති මෙම බීමත් සිසුවා නැවත් ඔවුන් වෙත පැමිණ Down Town Pulse කණ්ඩායමේ සමාජිකයෙකුට පහර දී තිබෙනවා.මෙම පහර දීම ඔවුන් ප්‍රශ්ණ කිරීමත් සමග වලේ සුදාගේ ඉල්ලීමට පොලු මුගුරු රැගත් 100 අධික විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් පැමිණ එතැන සිටි පිරිසට හා ඔවුන්ගේ වාහන වල පහර දී අලාභ හානි සිදුකොට තිබෙනවා.

මෙම පහරදීම පිළිබඳ Down Town Pulse පිටුවේ සඳහන් වී තිබුණේ මෙලෙසින්ය.

‘‘බේකරියේ කට්ටිය අප සිටියේද මීටර සියයක් පමණ ඈතින් වන වලෙන් පිට මාර්ගයට ආසන්නයෙනි. විරාජ්, ලක්රුවන්, මනෝජ්, අජන්තා සහ නිසල් එතැන සිටි අතර අපද එලියට පැමිණියේ වල ඇතුලේ සිගරට් බීම සම-හරක් ශිෂ්‍යන්ට අනුව සිදූ නොකල යුතු (අප එයට එකඟ නොවුනද- බැවිනි) මේ අතර ත්‍රී වීල් වලින් පැමිණි තරුණයන් හා සිසුන් අතර වු සංවාදය උච්චස්ථානයකට පැමිණ තිබු අතර එම බහින් බස් වීම කෙලවර වීමෙන් ඔවුන් එතැනින් පිට විය. අපද වලෙන් බැහැරව සිගරට්ටුවක් දල්වා ගෙන ගීතෙ ගේ සංගීතයට සවන් දෙමින් සිටියෙමු.

වලේ සුදා (පාතාල ශිෂ්‍යයා) එතැනට පැමිණ නින්දිත ලෙස කුණුහරුපයෙන් අපට බැන වදිමින් අප සිගරට් බීම නිසා සරච්චන්ද්‍රගේ ආත්මය සෙල වී මොරදෙන බවත් ” එය තමාට වැටහෙන බවත් ” එම නිසා සිගරට් නොබී ශුද්ධ භූමිය නොකෙලසා සිටින ලෙසත් අපට දන්වන ලදී. එවිට අප ප්‍රශ්ණ කලේ වලෙන් පිටත අවකාශයේ සිගරට් බීමෙන් වලේ කන්‍යාභාවයට සිදූවන හානිය කුමක්ද යන්නයි. වල කෙසේ වෙතත් කෙලින් සිටගෙන සිටීමටවත් බැරි තරම් අසිහියෙන් යුත් බීමත් ශිෂ්‍යයෙකු සමඟ අප සංවාද කිරීම තේරුමක් නැති නිසාත්. අප පැමිණියේ කලා කටයුත්තකට නිසාත් සිගරට් නිවා අප එතැනින් ඉවත් වීමු.

ඉන් පසුවද වලේ සුදා ගොදූරු සොයමින් වැනි වැනී වලට ඇතුලුවු අතර (ශුද්ධ භූමිය කෙලෙසෙයිද?) බේකරියේ කෝසල ෂර්ට් එක කරේ දමාගෙන ගීතගේ සංගීතයට සවන් දෙමින් සිටිනු දැක පරල විය. කෝසල යනු ගීතගේ සංගීත කණ්ඩායමේ “පර්සි” ය. දූෂ්කර තත්වයන් හි ඔවුන් හැරනොයා හැමවිටම, හැමතැනම ඝෝෂා සංගීත කණ්ඩායම සමඟ සිටින ඔවුන්ගේ සංගීතයට තනිවම වුවද, ඉවර වන තුරු නටන ගීතෙලාගේ ආදරණීය අයියාය. බේකරියේ පැරණිතම සමාජිකයාය.

ඉන්පසුව වලේ සුදා නැමැති බීමත් මිලේච්ඡයා කෝසල ලඟට පැමිණ කෝසලට පහරක් ගසා මේක සරච්චන්ද්‍රගේ වල යකෝ shirt එක දාගනින් යැයි පැවසු අතර අන්දමන්ද වූ කෝසල හුන් තැනම නැගී සිටියේය. කවදත් ප්‍රචන්ඩත්වයෙන් තොර මිනිසෙකු ට කණට පහරක් දූන් ම්ලේච්ඡයා දෙසට දූවගෙන පැමිණි ලක්රුවන් විතානගේ එම පහර දීම ප්‍රශ්ණ කිරීමත් සමඟ කොට්ටෝරුවාගේ හොට නින්දිත ලෙස කෙසෙල් ගසේ පැටලී ගියේය.

විශ්ව විද්‍යාල පද්ධතිය යනු එක කසිප්පු නරියෙකුගේ හූවට දූවන නරි රුලක් බව මනාව පසක් කරමින් වෙලේ සුදාගේ යාදින්නට ඉතා සංවිධානාත්මකව පොලූ රැගෙන දූවගෙන ආ සියයකට අධික ශිෂ්‍ය සේනාව මෙලෝ හසරක් නොදැන ම්ලේච්ඡ ලෙස වාහන වලට සහ සිටි පිරිසට පහර දෙමින්” පිටතින් පැමිණි සියළු අයට තම පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස තර්ජනය කරමින්” සංගීත ප්‍රසංගය පැවති දෙසට ගල් වලින් පහර දෙමින්” කොළඹින් පැමිණි කාන්තාවන්ට වේසියන් ලෙස අශිෂ්ඨ ආකාරයෙන් බැන වදිමින්” හූ තබමින් ප්‍රචන්ඩව හැසිරෙන්නට විය.

ඒ අතර තවත් සිසුන් පිරිසක් සිගරට් බීව්වේ යැයි පවසමින් කොළඹින් පැමිණ සිටි තරුණයන් පිරිසට පොලූ මුගුරුවලින් එලව එලවා පහරදූන් අතර එතැන සිටි අයගෙන් වැඩිපුරම පහර කා තුවාල වූ ශාලිත නැමැති තරුණයා පසුව සොයා බේරා ගත් අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන ලදී.

අප මිත්‍ර පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයේ සහෝදර සිසුන් පැමිණ තත්වය යම් තරමකට පාලනය කල අතර ඔවුන් පැමිණයේද කසිප්පු නාඩගම හමාර වූ පසුය. අපට පහර දූන් පාතාල සිසුන් කුණුහරුපයෙන් බැන වදිමින් චෝදනා කලේද ඔවුන් වෙනුවෙන් අරගල බිමේ සිටින මහා ශිෂ්‍ය සංගමය වෙතය.

තත්වය යම් තරමකට පාලනය වු පසු කොළඹින් පැමිණි අයගෙන් යම් පිරිසක් ඉතා අපහසුවෙන් වලට එකතු කරගත් අතර මහා ශිෂ්‍ය සංගමයේ අසංක, නාරමා වැනි අයගේ මැදිහත් වීමෙන් ඔවුන්ව ආරක්ෂිතව ක්‍රීඩාගාරය වෙත රැගෙන එන ලදී. ඒ වන විටද ක්‍රීඩාගාරය පොලූ මුගුරු ගත් ශිෂ්‍ය සාහසිකයින් සියයක් දෙසියයක් පමණ වට කර සිටි අතර පසුව නාරමා සහ මහා ශිෂ්‍ය සංගමයේ මැදහත් වීමෙන් එය යම් තරමකට සමනය විය. පසුව තැන් තැන් වල බෙදී විසිරී සිටි අනෙකුත් කොලඹ මිතුරන්ද මහා ශිෂ්‍ය සංගමයේ මැදහත් වීමෙන් ක්‍රීඩාගාරය වෙත ගෙන්වා ගැනීමට හැකි විය.

14606546_649994105167918_6541643861458284765_n

14484702_649994111834584_8064084392986867393_n

14494662_649994155167913_5043184429874124258_n

14502822_649994145167914_1667658707507729370_n

14520452_649994161834579_5098618131254058796_n

14570474_649994108501251_172077123768060128_n