Saturday, September 21, 2024

General line - 0115112241

ඇන්ජලෝ වැරදි නෑ – ෆේස්බුක් තේරීම් කමිටුව සනසන්නත් බෑ- මහේල සියලු චෝදනා වලට පිළිතුරු දෙයි!



පසුගිය සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් හට එල්ලවූ ඇතැම් චෝදනා පිළිබඳ හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබෙනවා.

ඒ බීබීසි සේවය සමග එක්වූ සාකච්ඡාවකදී .

ඔහු එහිදී පවසා තිබුණේ ඇන්ජලෝ ඉලක්ක කොටගෙන සිදුව පදනම් විරහිත චෝදන බුද්ධිමත් ක්‍රිකට් ලෝලීන් ප්‍රතික්ෂේප කරනු ඇති බවයි.සාධාරණ විවේඡන එල්ල කිරීම පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත් පදනම් විරහිත චෝදනාඑල්ල කිරීම පිළිබඳ එකඟ විය නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

“ඕනෑම ක්‍රීඩකයෙකුට විවේචන එල්ල වෙනවා. අපිටත් තිබුණා, නමුත් ඒ විවේචන තර්කානුකූල වෙන්න අවශ්‍යයි. ඇතැම් විවේචන දකින විට මට හිතුණා ඒවා ටිකක් පුද්ගලික විවේචන කියලා. එවැනි විවේචන සිදු කිරීම අසාධාරණයි.”

“ඒ විවේචන කොහෙන්ද එන්නේ, කොතනින්ද ආරම්භ වෙන්නේ කියලත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුගේ ආගම. ඔහු ආවේ කොහොමද?, ඒවා ගැන ආපු විවේචන. මම ලංකාව වෙනුවෙන් අවුරුදු පහළොවකට වඩා ක්‍රීඩා කළා. ක්‍රීඩකයා කෙහෙන්ද එන්නේ මොන ආගමේද, ජාතියේද කියලා අපට ප්‍රශ්නයක් වුනේ නැහැ අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ,”‍

මැතිව්ස් කතෝලික ක්‍රීඩකයන්ට වැඩිපුර අවස්ථාව ලබාදෙන බව බොහෝ දෙනා චෝදනා එල්ලකොට තිබුණා.

ක්‍රිකට් තේරීම් කමිටුවේ තීරණ පිළිබඳ නැගුණු පැනයකදී ඔහු කියා සිටියේ මේ වන විට සමාජ මාධ්‍ය හරහා තේරීම් කමිටු සාමාජිකයන් මිලියනයක් පමණ බිහි වී ඇති බවයි.

“ඒ හැමෝම සනසන්න ගියොත් මම හිතන්නේ නැහැ ලංකාවේ ක්‍රිකට්වලට හරි දෙයක් වෙයි කියලා. මොකද හැමෝටම තමා ආස කරන ක්‍රීඩකයෝ ඉන්නවා,”

තේරීම් කමිටුවෙන් යම් අතපසුවීම් වුවත් ඒවා සිතාමතා කරන ඒවා නොවන බව මහේල සඳහන් කළා

“අත්හදා බැලීම් තුලින් තමයි අපි වැරදි හදා ගන්න ඕනේ. නොනවත්වා එකම වැරැද්ද සිදු කරනවා නම් තමයි ප්‍රශ්නයක් තියෙන්නේ. නමුත් ඒ සඳහා යම් කිසි කාලපරිච්ඡේදයක් දිය යුතුයි, විශේෂයෙන් තරුණ ක්‍රීඩකයන්ට,”

“හැමෝටම ලේසියි ගෙදර පුටුවේ වාඩි වෙලා අරක කරන්න තිබ්බා මේක කරන්න තිබ්බ කියල කියන්න. මේ සෑම දෙයක්ම බුද්ධිමත්ව බලල තීරණ ගන්න ඕනේ. ”

පූර්ණ කාලීන ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් සුදානම් නොමැති බව සඳහන් කළ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් කෙටි කාලීනව තම උපදෙස් බලාපොරොත්තු වන්නේ නම් ඊට දායකත්වය ලබා දීමට සුදානම් බවයි කියා සිටියේ.