Tuesday, September 24, 2024

General line - 0115112241

ඉන්දීය අගමැතිගේ ඉවසීම අගය කරනවා – ශ්‍රී ලංකා අගමැති කියයි




සාර්ක් කලාපීය රටවල දේශසීමා හරහා සිදුවන ත‍්‍රස්තවාදයට වැට බඳින්නේ කෙසේදැයි කලාපීය නායකයින් අවධානය යොමුකළ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

සිය ඉන්දීය සංචාරය අතරතුර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ යැයි විදෙස් මාධ්‍යයන්හි සදහන්.

රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ නවදිල්ලි නුවරදී ඉන්දීය ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජිද මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වුවා. දෙරටේ සබඳතා තවදුරටත් තහවුරු කර ගනිමින් ශී‍්‍ර ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ආරාධනා කර සිටින බව අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දීය ජනාධිපතිවරයාට දැනුම් දුන්නා.

කලාපීය සාමය ස්ථාපිත කිරීමේදී ඉන්දීය ආණ්ඩුව වර්තමානයේ ගෙනයන වැඩපිළිවෙලද මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක්ව තිබෙනවා. දේශසීමා ත‍්‍රස්තවාදය ඉතා උණුසුම් අවස්ථාවලදී වුවද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ඉවසීමෙන් කටයුතු කිරීම අගය කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

pic-01 pic-02 pic-03 pic-04