Tuesday, September 24, 2024

General line - 0115112241

රට දුගී භාවයෙන් මුදන්න නම් මැතිඇමතිවරු කළ යුතු දෙයක් ජනපති පහදයි




දුගී භාවයෙන් නිදහස්වීමේ වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමේදී එහි ප‍්‍රගතිය සොයා බැලීමට අදාළ අමාත්‍යාංශවල මැතිඇමතිවරුන් මාස 3 කට වරක් හෝ සෑම දිස්ති‍්‍රක්කයකම සංචාරය කළයුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

දේශපාලන භේදයකින් තොරව ඒ සඳහා සියලු දෙනාගේ සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ, ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති තිරසර සංවර්ධන ඉලක්ක පිළිබද දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුව අමතමින්.

තිරසර සංවර්ධන ඉලක්ක කි‍්‍රයාත්මක විය යුත්තේ රට දුගී භාවයෙන් නිදහස් කර ගැනීමේ අරමුණු ඉටුකර ගැනීම සඳහා බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. තිරසර සංවර්ධන ප‍්‍රතිපත්ති පිළිබද දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා දැනුවත්වීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරුණා.