Tuesday, September 24, 2024

General line - 0115112241

“අකුරට වැඩ කළා කියා බලපෑමක් නෑ”




ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය යළි ආරම්භ කිරීමත් සමග ගුවන් ගමන් මෙහෙයුම් කටයුතුවලට තවදුරටත් බාධා එල්ලවෙමින් තිබෙනවා.

එම සංගමය පැවසුවේ ඊයේ (05) පස්වරුවේ සිටම ගොඩබස්වන හා පිටත්වීමේ ගුවන් ගමන්වලට ඉන් බාධා එල්ල වී ඇති බවයි. බොහෝ ගුවන් ගමන්ද ප‍්‍රමාද වී ඇති බවටයි වාර්තා වන්නේ. කටුනායක, මත්තල සහ රත්මලාන යන ගුවන් තොටුපොලවල මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සිදු වනවා.

දින කිහිපයක් තිස්සේ පවතින ගුවන් ගමන් පාලකවරුන්ගේ මෙම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ ඔවුන් අකුරට වැඩ කළා කියා ඉන් බලපෑමක් නොමැති බවයි.

ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පෙරේදා (04) පස්වරුවේද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ලැබුණු විසදුම් පාලනාධිකාරිය විසින් කි‍්‍රයාත්මක නොකිරීම හේතු කර ගෙනයි යළි මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය  ආරම්භ කෙරුණේ.