Tuesday, September 24, 2024

General line - 0115112241

1000කට සටන් කර 730 කින් සැනසෙයි




වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730 ක් දක්වා ඉහළ නැංවීමට වතු හාම්පුතුන්ගේ සංගමය එකගතාව පළ කර තිබෙනවා. වතු කම්කරුවන් දින 9 ක් පුරා ප‍්‍රධාන මාර්ගද අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වුයේ රුපියල් 620 ක් ව පවතින දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවතියද වෘත්තීය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අතර එකඟතාවක් ඇති වුයේ නැහැ. කෙසේවෙතත් ඊයේ (05) පැවති තවත් සාකච්ඡාවකදී දෙපාර්ශ්වයම රුපියල් 730 සීමාවට එකඟ වූ බව කම්කරු අමාත්‍ය ඩබ්ලිව් ඩී.ජේ. සෙනෙවිරත්න නෙත් නිවුස් වෙත කියාසිටියා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිතිවලින්ද විමසීමක් කළා. ඔවුන් කියාසිටියේ ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට තමන් කි‍්‍රයාත්මක කළ උද්ඝෝෂණ හා වැඩවර්ජන අවසන් කළ බවයි.