Tuesday, September 24, 2024

General line - 0115112241

“වරද පිළිගෙන නැහැ – තොරතුරු විකෘති කරලා”




ආයුර්වේද සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා කෝප් කමිටුව හමුවේ වරද පිළිගත් බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඇතැම් මාධ්‍යය ඊයේ (05) වාර්තා කර තිබුණේ ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවකයින් නගන චෝදනා කිහිපයකට සංස්ථාවේ සභාපතිවරයා සහ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා වරද පිළිගෙන ඇති බවයි. ඒ, ඉකුත් 4 වැනිදා කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව බවයි පැවසුනේ.

මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව බේරා ගැනිමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ලක්මාල් ජයසිංහද අදහස් පළ කළා. එහිදී හෙතෙම සඳහන් කළේ අමාත්‍යවරයා අදාළ නිලධාරීන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

කෙසේවෙතත් එම වාර්තා තොරතුරු විකෘති කර දැක්වීමක් බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මාධ්‍ය වෙත කියාසිටියේ.