Tuesday, September 24, 2024

General line - 0115112241

උතුරේ සිට මංතීරු 04ක මාර්ග පද්ධතියක් – ඉන්දීයාව සහය දෙන්න සූදානම්




යාපනය සිට මන්නාරම දක්වාත්, මන්නාරම සිට කුරුණෑගල හරහා කොළඹ දක්වාත් මන්නාරම සිට වව්නියාව හරහා ති‍්‍රකූණාමලය දක්වාත් දිවෙන මංතීරු 4 ක ප‍්‍රධාන මාර්ග පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (05) පස්වරුවේ ඉන්දියාවේ මාර්ග හා ප‍්‍රවාහන අමාත්‍ය නිතින් ගත්කාරි හමු වූ අවස්ථාවේ මේ බව ප‍්‍රකාශ කළා.

එවැනි මාර්ග පද්ධතියක් ඔස්සේ උතුරු නැගෙනහිර සංවර්ධනයට මහත් රුකුලක් ලැබෙන බවයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ.

මෙවැනි මාර්ග පද්ධති ඉදිකිරීමට ඉන්දියාවට සහාය ලබාදිය හැකි බව එහිදී එරට මාර්ග අමාත්‍යවරයා පවසා තිබෙනවා.