Tuesday, September 24, 2024

General line - 0115112241

රුපියල් ලක්ෂයක කලිසම් ඉස්සූ දෙන්නෙක් මාට්ටු




රුපියල් ලක්‍ෂයකට අධික වටිනාකමකින් යුත් කලිසම් තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

කොස්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් මෙම කලිසම් තොගය සොරාගෙන ඇත්තේ එහි සේවකයන් දෙදෙනෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් ඉතා සූක්‍ෂම ලෙස මෙම කලිසම් සොරාගෙන ඇති බවයි මූලික පරීක්‍ෂණයේදී අනාවරණ වුණේ. පොලීසිය පැවසුවේ කසළ බැහැර කරන පෙට්ටිවල අසුරා සැකකරුවන් මෙම කලිසම් ඇඟලුම්හලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවයි.

කලිසම් තොගය සගවා තිබූ වෙළද සැලක් පරීක්‍ෂා කිරීමට අම්බලන්ගොඩ නගරයට රැගෙන ගිය අවස්ථාවේ පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යාමටද සැකකරුවන් උත්සාහ දරා තිබෙනවා. පසුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා යළි අත්අඩංගුවට ගනු ලැබූ අතර එහිදී නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.