Tuesday, September 24, 2024

General line - 0115112241

නැගෙනහිර පර්යන්තය හොඳම ආයෝජකයට දෙන්න සූදානම්




ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලික සමාගමකට විකිණීමට සූදානම් වන බවට විවිධ පාර්ශ්ව ඉකුත් දින කිිහිපයේ දිගින් දිගටම චෝදනා කළා.

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ සඳහන් කරන්නේ මේ හේතුවෙන් වරායට හානි සිදුවන බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ වරායේ සමස්ථ මෙහෙයුම් පද්ධතියම මේ හේතුවෙන් බිඳ වැටීමක් සිදු විය හැකි බවයි.

මෙම විකිණීම නතර නොකරන්නේ නම් දැනට විකිණීමට නියමිත සියලුම ආයතන සමග ඒකාබද්ධ වෙමින් දැවැන්ත අරගලයක් දියත් කරන බවත් පැවසුවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් වරාය අමාත්‍ය අර්ජුන රණතුංග පවසන්නේ වරාය අධිකාරියට සියයට 51 ක අයිතියක් තබමින් මෙම කටයුතු සිදු කරන්නට කටයුතු සිදු කර ඇති බවයි. පසුගිය රජය සමයේ වරාය අධිකාරියේ ඇතිවී තිබෙන අධික ණයබර හේතුවෙන් වර්ථමානයේ තත්ත්වය සුභදායී නොවන බවත් සඳහන් කළා.

වරාය අධිකාරිය, ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා කර වඩා හොඳ ආයෝජකයෙකු සොයා ගැනීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ. ඒ අනුව හොද ආයෝජකයෙකු සොයා ගැනීම සාර්ථක වී ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.

වෘත්තීය සමිති එල්ල කරන චෝදනාවටද අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වුවා. එහිදී හෙතෙම සඳහන් කළේ අදාළ ආයෝජකයාටද වෙනම නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක කෙරෙන බවයි. එහෙයි අනවශ්‍ය බලපෑමක් සිදු නොවනු ඇති බවත් සඳහන් කළා.