Tuesday, September 24, 2024

General line - 0115112241

මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ ‘ඇස් ඇරීමේ‘ උත්සහයකද?




ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන්ගේ මතවාද සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතයන් අතර වෙනස්කම් පවතින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

පසුගිය දිනවලදී මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශ කිහිපයකින් එය පැහැදිලි වූ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය සමයේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන් අත්අඩංගුවට ගත යුතු බව ප්‍රකාශ කළ නමුත්,මහින්ද රාජපක්ෂ මහතා විග්නේෂවරන් ජාතිවාදියෙකු නොවන බවත් දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවත් කියා සිටිමෙන් ඒකාබද්ධ විපක්ෂයේ පරස්පර මතවාදයන් පැහැදිලි වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෑත කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ අයගේ ඇස් ඇරෙන බොහෝ ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.