Tuesday, September 24, 2024

General line - 0115112241

මහින්දගෙන් ඉල්ලීමක්




නියගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට වෙනත් ප්‍රදේශවලින් හෝ ජලය ප්‍රවාහනය කර ලබා දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි නියගය හේතුවෙන් බොහෝ පිරිසක් බීමට හෝ ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බවයි.

පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද ඊයේ අදහස් පළ වුණා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රකාශයක් සමගයි.

ඊට පිළිතුරු ලබා දෙමින් විෂයභාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ නියගයෙන් පීඩාවට පත්ව සිටින පවුල් එක් ලක්ෂ දහඅට දහස් පන්සිය තිස් හතරකට අයත් පුද්ගලයින් හාරලක්ෂ පනස් තුන් දහස් අටසිය පනස් එක් දෙනෙකු වෙනුවෙන් සහන සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.