Tuesday, September 24, 2024

General line - 0115112241

ලංකාවට උල්කාපාත වැසි වරුසාවක්




ඉදිරි දින වලදී උල්කාපාත වර්ෂාවන් කිහිපයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසනවා.

ලබන දෙසැම්බර් මස 25 වනදා දක්වා වරින් වර එම උල්කාපාත වර්ෂාවන් දැකගත හැකි බවයි ග්‍රහ ලෝකාගාරය පෙන්වාදෙන්නේ.

ඒ අනුව අද (07) දිනයේ ‘ඩ්‍රැකොනිඩ්‘ උල්කාපාත වර්ෂාව ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකිවනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මේ මස 21 සහ 22, නොවැම්බර් මස 04, 05, 17,18, දෙසැම්බර් මස 13, 14, 21, 22 යන දිනවලදී උල්කාපාත වර්ෂාවන් උපරිම ලෙස දැකගත හැකි වෙයි.