Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපති තායිලන්තයට




නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියා.

නෙත් නිව්ස් ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ පෙරවරු 7 යි 25 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ. එල්. 882 දරණ යානයෙන් ජනාධිපතිවරයා බැංකොක් නුවර බලා පිටත්ව ගිය බවයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය ජනාරාල් ප්‍රයුත් චාන් ඕ චාන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වනවා.

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර 60 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුමකට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී සහභාගී වීමට නියමිතයි.