Tuesday, September 24, 2024

General line - 0115112241

රුහුණු කතරගම දේවාලයේ ‘අලියෙකු‘ අත්අඩංගුවට!




ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ සිටි ‘භානු‘ නමැති අලියා අද පෙරවරුවේ වනජීවි නිලධාරීන් භාරයට ගැණුනා.

ඒ සම්බන්ධයෙන් හීලෑ අලි ඇතුන් සුරකීමේ සංගමයේ සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසුවේ මාධ්‍යට වසන් කරමින් භානු නැමැති හස්ති රාජයා අත්අඩංගුවට ගනිමින් පවතින බවයි.

ලෝ පුරා ගෞරවාදරයට පත්වන පුන්‍ය භූමියක සිටින හස්ති රාජයෙකු අත්අඩංගුවට ගැනීමට තරම් පාලකයන් නිවට වී ඇති බවත් මෙම හස්ති රාජයා නීති විරෝධි එකෙකු නොවන බවත් වසර 12ක පටන මෙම හස්ති රාජයා බලාගත් අලි බාසුන්නැහලට ගෙවූ මුදල් පිලිබඳ කතරගම දේවාලයේ විගණන වාර්තාවේ සඳහන් වන බවත් උන් වහන්සේ ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සඳහන් කළා.

මේ පිළිබඳ නෙත් නිව්ස් වනජීවි අධ්‍යක‍ෂ ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්නගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ අධිකරණ නියෝගයක් මත භානු නමැති අලියා වන ජීවි නිලධාරීන් භාරයට ගත් බවයි.

එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ද එක්ව සිටි බව ඔහු කියා සිටියා.