Tuesday, September 24, 2024

General line - 0115112241

වැට් බදු සංශෝධනයට එරෙහිව පෙත්සම් 2ක්




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 2ක් ගොනු කළා.

අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප‍්‍රකාශ කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

මීට පෙර ඉකුත් බදාදා දිනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ද වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.