Tuesday, September 24, 2024

General line - 0115112241

මල්වාන ඉඩමට අයිතිකාරයෙක් නෑ – ඉඩම විකුණන්නැයි ඉල්ලීමක්




මල්වාන ගඟබඩ පාරේ පිහිටි අක්කර 16ක ඉඩමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අයිතිවාසිකම් නොකියන බව ඔහුගේ නීතිඥවරුන් අද (07) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, රජයේ මුදල් අවභාවිතා කරමින් එම ඉඩම මිලදී ගෙන එහි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පූගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විභාගයට ගැනුණු අවස්ථාවේදීයි.

නඩුවේ සාක්ෂිකරුවෙකු වන මුදිත ජයකොඩි නමැත්තාගේ නීතිඥවරුන් ද අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඉඩමේ අයිතියක් සිය සේවාදායකයාට නොමැති බවයි.

ඒ අනුව අදාළ ඉඩමට කිසිවෙකුත් අයිතිවාසිකම් නොකියන්නේ නම් එම ඉඩම විකිණීමට කටයුතු කරන ලෙසයි රජයේ නීතිඥවරුන් මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඒ අනුව ඉඩම පිළිබඳ අවසන් තීන්දුව ලබන 14 වෙනිදා ප‍්‍රකාශයට පත්කරන බව පූගොඩ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මෙහිදී ප‍්‍රකාශ කළා.