Tuesday, September 24, 2024

General line - 0115112241

‘නව ව්‍යවස්ථාව විග්නේෂ්වරන් සතුටු කිරීමට නොවේ’




රටේ නව ව්‍යවස්ථාවක් ගැන තීරණය කරනු ලබන්නේ උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් නොව පාර්ලිමේන්තුව විසින් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයා යොමුකළ ප‍්‍රශ්නයකට අද (07) පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“උතුරේ මහ ඇමතිතුමා කරපු ප්‍රකාශයක් ගැන මම දැක්කා පසුව එතුමා තවත් ප්‍රකාශයක්කරලා තිබුණා සම්පූර්ණයෙන් එහෙම ප්‍රකාශ කරේ නැහැයි කියලා. මම එකක් කියන්න කැමතියි මේ ප්‍රකාශකළාට මේ රටේ ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව පිළිබඳ කරන අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන එක මේ සභාවේ අපියි කරන්නේ.අපි අපිට ඕනේ විදිහට කරමු . එක එක අය එක එක ඉල්ලීම් කරයි. අපි මේ රටේ බහුතර ජනතාවක් සහ මේ පක්ෂ ඔක්කොම එකඟවෙලා , ගන්න තියෙන තීරණ අනුව ක්‍රියාත්මක වෙමු. මහ ඇමතිතුමා විතරක් නෙමෙයි අනිත් අයත් එක එක ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම ප්‍රකාශ නොකළනම් වඩා හොඳයි. දැනට ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගැන තීරණය කරන්නේ මහ ඇමතිතුමා නෙමෙයි. මේ ව්‍යවස්ථාදායක සම්පාදක සභාවයි”.

මේ අතර අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මුදල් නොගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා පාවිච්චි කර ඇති බවට පළකර තිබූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප‍්‍රශ්නයකට තමන් ලබාදුන් පිළිතුරක් වැරදි ලෙස පළ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ද මෙහිදී අදහස් දැක්වූ අතර මාධ්‍යයන්ට එල්ල වූ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා ද අදහස් පළ කළා. එම හඬපටය පහතින් අහන්න