Tuesday, September 24, 2024

General line - 0115112241

වතු සේවක වර්ජනයට එරෙහිව බස් වර්ජනයක්




වතු කම්කරුවන් තවදුරටත් උද්ඝෝෂණ සිදුකළහොත් හෙට (08) සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව හැටන් පෞද්ගලික බස් රථ සේවකයින් සහ ලංගම සේවකයින් පවසනවා.

දින ගණනාවක සිට සිදුකෙරෙන වතු කම්කරු උද්ඝෝෂණ හේතුවෙන් තම බස් රථ ධාවනය කිරීමට නොහැකි වීම නිසා විශාල පාඩුවක් සිදුවූ බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර අද (07) දිනයේ ද මස්කෙළිය ප‍්‍රදේශයේ වතු කම්කරුවන් රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා.