Tuesday, September 24, 2024

General line - 0115112241

ජනපති අද සමුළුවට (UPDATE)




තායිලන්තයේ සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට අද (09) සහභාගී වනවා.

මෙම සමුළුව ආසියාවේ බලය ලොවට කියාපාන වැදගත් අවස්ථාවක් බවයි එහි සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධර්ම ශ‍්‍රී බණ්ඩාර ඒකනායක කියා සිටියේ. ආසියානු සහයෝගීතා සමුළුවේ මෙවර තේමාව ශ‍්‍රී ලංකාවට වඩාත් ගැළපෙන බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

මෙම සමුළුවේ තේමාව ආසියානු රටවල දිළිදුකම පිටුදැකීම බවත් ජනාධිපතිවරයාගේ 2017 වසරේ අරමුණ වී තිබෙන්නේද දරිද්‍රතාවය තුරන් කරන රටක් නිර්මාණය කිරීම බවත් සඳහන් කළා.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ආසියානු සහයෝගීතා සමුළුව අමතමින් කතා කිරීමට නියමිතයි. රටවල් 34 ක් මෙම සමුළුවට සහභාගී වනවා.


ජනපති අද තායිලන්ත අගමැති හමුවෙයි

(Oct 8, 2016 @ 06:47)

තායිලන්තයේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (08) එරට අග‍්‍රාමාත්‍යවරයා හමුවනවා.

බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතයි. 09 වැනිදා සහ 10 වැනිදා එම සමුළුව පැවැත්වෙන අතර එහිදී ආසියානු රටවල් එක් වී අංශ 20 ක් ඔස්සේ ආසියාවේ ප්‍රගමනය පිළිබදව අවධානය යොමු කරනු ඇති.

මෙම සමුළුව 2002 වසරේ ආරම්භ කෙරුණේ රාජ්‍ය නායකයින්ගේ මැදිහත්වීමකින් තොරව වූවත් ඉකුත් වසරේ සිට එහි රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වය සිදු වී තිබුණා.

ඒ අනුව එහි විශේෂ ප්‍රධාන උත්සවය පැවැත්වෙන්නේ 10 වැනිදායි. ආසියානු සහයෝගීතා සංවාද සමුළුවට රටවල් 34 ක් සහභාගි වනු ඇති.

බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී තායිලන්ත රජය වෙනුවෙන් එරට සංස්කෘතික අමාත්‍ය ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා පිළිගනු ලැබුවා.

in-thailand_1 in-thailand_2