Tuesday, September 24, 2024

General line - 0115112241

මහින්ද අද රත්නපුරේදී එට්කා ගැන කතා කරයි




ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ රැළිය සඳහා ආධාරකරුවන් මේ වන විට රත්නපුරයට පැමිණෙමින් සිිටිනවා.

ඒ පිළිබඳ කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා පැවසුවේ රැළියේ සියලු සංවිධාන කටයුතු මේ වන විට අවසන් වෙමින් ඇති බවයි. ජනතාව පීඩාවට පත්කෙරෙන රජයේ වැඩපිළිවෙල නතර කළ යුතුයි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කිරීමේ උත්සහය නතර කළ යුතුයි යන පණිවුඩය මෙම ජන රැළිය හරහා වත්මන් පාලකයින්ට ලබා දෙන බවත් සඳහන් කළා.

අද පැවැත්වෙන රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත බවත් හෙතෙම පැවසුවා. එහිදී අවධාරණය කෙරුණේ රජය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති එට්කා ගිවිසුම සම්බන්ධයෙන් මෙන්ම වැට් බදු පිළිබඳව සමස්ත රටවැසියන් හමුවේ හිටපු ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කරනු ඇති බවයි.  ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ රැළිය අද සවස 3.00ට ආරම්භ කිරීමට නියමිතයි.