Tuesday, September 24, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාව ගැන පෙත්සමක් ඉන්දියාවේදී කුණු කූඩයට




ඉන්දු – ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයින්ට ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙන් හිරිහැර සිදුවන බව පවසමින් ගොනු කර තිබූ පෙත්සමක් මදුරාසි මහාධිකරණය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

තමිල්නාඩු ධීවරයින්ට ශ‍්‍රී ලංකා නාවික හමුදාවෙන් හිරිහැර සිදුවන්නේ කච්චතිව් දූපත, පෝක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක යන ප‍්‍රදේශවලදී බවද මෙම පෙත්සමේ සඳහන්.

තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාවට ඉන්දීය ආරක්ෂක අංශ යොදවන ලෙසට එයින් ඉල්ලීමක් කර තිබුණා. කෙසේ වෙතත් අධිකරණයේදී කරුණු දක්වමින් ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ නීතිඥවරුන් පැවසුවේ ඉන්දු – ශ‍්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනටමත් විවිධ පියවර ගෙන ඇති බවයි.

ඒ නිසා තවදුරටත් අතිරේක ආරක්ෂාවක් ඉල්ලා සිටීම පදනම් විරහිත බව ඔවුන් පෙන්වා දුන්නා. අදාළ පෙත්සම තවදුරටත් විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට මදුරාසි මහාධිකරණය තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.