Tuesday, September 24, 2024

General line - 0115112241

රත්නපුරේ ආණ්ඩු විරෝධි රැළිය ඇරඹෙයි (PHOTOS)




‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ නමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ආණ්ඩු විරෝධි රැළිය රත්නපුරයේ දී දැන් පැවැත්වෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ විශාල පිරිසක් මේ සඳහා සහභාගී වී සිටින බවයි. මේ වන විටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද එකතුවී සිටින බවයි ‍ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ , රංජිත් සොයිසා , උදය ගම්මන්පිළ , වාසුදේව නානායක්කාර , විමල් වීරවංශ,දිලුම් අමුනුගම යන මන්ත්‍රීවරුන් මෙම ජන රැළිය සඳහා සහභාගී වී සිටින බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

14517652_1829792090590004_7597450954637900447_n 14522823_1218842671510048_3145674967600161828_n

relly-1 relly-2 relly-3

………………………………………………………………..

රත්නපුරේ ආණ්ඩු විරෝධී රැළියට සියල්ල සූදානම් (VIDEO)

Oct 8, 2016 @ 15:15

ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුරයේ දී පවත්වන ආණ්ඩු විරෝධි රැළියට දැන් සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා පවසනවා.

අරගලයට පණ පොවන නව ජනතා බලවේගය නම් මෙම රැළිය තව නොබෝ වේලාවකින් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ වන විට සිව් දෙසින්ම ජනතාව මෙම රැළිය සඳහා සහභාගී වෙමින් සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. ‍

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් වැඩි පිරිසක් මේ වන විට පැමිණ සිටින බවත් අනිත් මන්ත්‍රීවරුන් පැමිණෙමින් සිටින බවත් ඒ මහතා පැවසුවා.

රත්නපුරේ හා අවට ප‍්‍රදේශවල මේ වනවිට වාහන තදබදයක් ද පවතිනවා.

reliya-1 reliya-2 reliya-3 reliya-4 reliya-5 reliya-6 reliya-7 reliya-8 reliya-9 reliya-10 reliya-11 reliya-12