Tuesday, September 24, 2024

General line - 0115112241

පොල්ගොල්ල ජලාශය හිස් කරයි




පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු සියල්ල අද (09) රාත‍්‍රියේ විවෘත කරන බව මහවැලි අධිකාරිය පවසනවා.

අද රාත‍්‍රී 10.00 සිට ලබන 11 වැනි දා උදෑසන 6.00 දක්වා එම වාන් දොරටු විවෘත කර තැබෙනු ඇති.

වාර්ෂික පරීක්ෂණ කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශය හිස් කිරීම මෙහි අපේක්ෂාව වී තිබෙනවා. වාන් දොරටුවලින් මුදා හැරෙන ජලය නිසා පොල්ගොල්ල වේල්ලේ සිට පහළට මහවැලි ගඟ පරිහරණය කිරීම ඉතා අවදානම් බවයි වාරිමාර්ග ඉංජිනේරුවන් පවසන්නේ.

ඒ නිසා අද රාත‍්‍රියේ සිට ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.