Monday, September 23, 2024

General line - 0115112241

විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අද සිට අලුත් මුහුණුවරකින්




විශ‍්‍රාම ගනු ලබන දිනටම විශ‍්‍රාම වැටුප් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා විශ‍්‍රාම වැටුප් ලියාපදිංචි කිරීමේ කි‍්‍රයාවලිය අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීම අද (10) සිට ආරම්භ වනවා. ඒ අනුව පැරණි ක‍්‍රමවේදය මගින් එවනු ලබන විශ‍්‍රාම වැටුප් අයදුම්පත් භාර ගැනීමක් අද සිට සිදුවන්නේ නැහැ.

මෙම කි‍්‍රයාවලිය අද සිට ආරම්භ කිරීම අවශ්‍ය පහසුකම් සපයා ඇති බවට විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස්ගේ අත්සනින් යුතුව චක‍්‍රලේඛයක් මගින් සියලුම අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව කිසියම් අයෙකුට මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය නම් www.pensions.gov.lk වෙබ් අඩවියට පිවිසිය යුතුයි.

මෙම සේවාව ප‍්‍රථම වරට ලබා ගැනීමේදී අදාළ රාජ්‍ය ආයතනය හා නිලධාරීන් ලියාපදිංචි විය යුතු වනවා. මෙමගින් විශ‍්‍රාමිකයින්ට පහසුකම් රැසක් හිමිවන බවයි විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

sin_2016_09_15-1 sin_2016_09_15-2