Tuesday, September 24, 2024

General line - 0115112241

යුද හමුදාව අද 67 වැනි සංවත්සරය සමරයි




ශ‍්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 67 වන යුද හමුදා දිනය සමරනවා.

1949 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනි දින ආරම්භ කරන ලද සිලෝන් ආර්මි 1972 වර්ෂයේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු මේ දක්වා හඳුන් වන්නේ ශී‍්‍ර ලංකා යුද හමුදාව ලෙසයි.

නිලධාරීන් දහසක පමණ ප‍්‍රමාණයකින් සහ සෙසු නිලයන් විසිදහකට ආසන්න ප‍්‍රමාණයකින් ශී‍්‍ර ලංකා යුද හමුදාව ආරම්භයේදි සමන්විත වුණා.

1983 වර්ෂයේ සිවිල් යුද්ධය ආරම්භයත් සමග සිය පිරිස් බලය වැඩි කර ගත් යුද හමුදාව මේ වන විට නිලධාරීන් අටදහසකට ආසන්න ප‍්‍රමාණයකින් සෙසු නිලයන් ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයකින් සමන්විතයි. මේ වන විට යුද හමුදාව සතුව පවතින රෙජිමේන්තු ගණන 24ක්.

ශී‍්‍ර ලංකා යුද හමුදාව අද සිය 67 වන සංවත්සරය සමරන්නේද ලොව ගුවන් යානා හිමි දරුණුතම ගරිල්ලා සංවිධානය පරාජය කළ විශිෂ්ඨතම යුද හමුදාව ලෙසයි.

යුද හමුදා දින සැමරුම් පෙළපාලිය පනාගොඩ යුද හමුදා ජනපදයේ දී අද (10) පැවැත්වෙනවා.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා වෙත විශේෂ සම්මාන පෙළපාලියක් පැවැත්වීමට ද නියමිතයි.