Tuesday, September 24, 2024

General line - 0115112241

පරවිපච්චාන් කඳවුරට එරෙහිව විජයකලාත් සටනට




කිලිනොච්චි පරවිපච්චාන් යුද හමුදා කඳවුරට අයත් ඇතැම් ඉඩම් ජනතාවට යළි ලබා ගැනීම සඳහා තමන් මැදිහත් වී කටයුතු කරන බව ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමක දී ඇය කියා සිටියේ ඊට අදාළව රජයේ බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් ද දැනටමත් සිදු කර ඇති බවයි. ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

(එම හඬපටය පහතින් අහන්න) 

උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරියගෙන් මෙහි දී ප‍්‍රශ්න කළා.

(එම හඬපටය පහතින් අහන්න) 

දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඉකුත් දා කිලිනොච්චි පරවිපච්චාන් යුද හමුදා කඳවුරට අවසරයකින් තොරව ඇතුළු වීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මතභේදාත්මක තත්ත්වයක් ද හට ගත්තා.