Tuesday, September 24, 2024

General line - 0115112241

වැස්ස නැති නිසා විදුලි උත්පාදනයත් අර්බුදයක




මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය ද අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙනවා.

විදුලි බලාගාර ආශ‍්‍රිත ජලාශවල ජල මට්ටම ද මේ වනවිට පවතින්නේ පහළ මට්ටමකයි.

විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නෙත් නිව්ස් වෙත කියා සිටියේ ජල විදුලි උත්පාදනය මේ වනවිට ක‍්‍රමයෙන් පහත බසිමින් ඇති බවයි. විදුලි උත්පාදන වියදම් ද ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පවතින තත්වය හමුවේ අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

පවතින ගැටළුකාරී තත්ත්වය හමුවේ වුව ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මෙහි දී අවධාරණය කෙරුණේ.