Tuesday, September 24, 2024

General line - 0115112241

බැසිල් සහ හිටපු පොලිස්පති මහින්ද ජනපති කොමිසමට




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අද පෙරවරුවේ බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණියා. ඒ, අදාළ කොමිසම සිදු කළ දැනුම් දීමකට අනුවයි.

බැසිල් රාජපක්ෂ කැඳවා ඇත්තේ උඩුරට සංවර්ධන අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ අක‍්‍රමිකතාවලට අදාළව සිදු කෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහායි. ‍

හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය විමර්ශන කොමිසම හමුවට කැඳවා ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් සිව් දෙනෙකුට පොලිස් ආරක්ෂාව ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.