Monday, December 23, 2024

General line - 0115112241

සරත් වීරවංශ යළි රිමාන්ඩ්




ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ සොහොයුරු වන සරත් වීරවංශ අද (10) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ, නිවාස සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් අද පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහි දී ඔවුන් මේ මස 24 වනදා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.