Monday, December 23, 2024

General line - 0115112241

නාමල්ගෙන් FCIDයට එරෙහිව නඩුවක්




පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ කොළඹ දිසා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් අද (10) ගොනු කරනු ලැබුවා.

ඒ, ක‍්‍රිස් සමාගමේ සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් පදනම් විරහිත ලෙස තමා අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින්.

මේ හේතුවෙන් සිය කීර්තිනාමයට හානි වූ බවත් තමා අත්අඩංගුවට ගැනීමට පදනම වූයේ දූෂණ විරෝධි හඬ සංවිධානය විසින් ගොනු කරන ලද පදනම් විරහිත පැමිණිල්ලක් බවත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා පවසා තිබෙනවා.