Tuesday, September 24, 2024

General line - 0115112241

“මල්ලිලා දෙන්නා හදන්නේ රට එජාපයට දෙන්න” – පාඨලී




වසර 2020 වනතුරු වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට මහනුවරට පැමිණි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කියාසිටියා. ඉකුත්දා රත්නපුරයේ පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් මෙහිදී ප‍්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් හෙතෙම පැවසුවේ “මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිඳ දාන එක. මල්ලිලා දෙන්නා කරන්නෙ එක්සත් ජාතික පක්ෂයට 20 අවුරුද්දක් රටේ පාලනය ගෙනියන්න ඉඩකඩ හදලා දෙන එක.” යනුවෙනි.

දූෂිත පුද්ගලයන්ට එරෙහි සටන අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවද පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

(හඬපටය පහතින් අහන්න..)