Monday, September 23, 2024

General line - 0115112241

මහනුවරින් අභිරහස් උමගක් (PHOTOS)




මහනුවර, කන්ද හන්දිය, කැප්පෙටියාව ප‍්‍රදේශයෙන් අභිරහස් උමගක් සොයාගෙන තිබෙනවා. කැප්පෙටියාව ගම්මානයේ ජල ව්‍යාපෘතියක් සදහා කාණු කපමින් සිටියදී මෙම උමං මාර්ගය මතුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

උමග හමු වූ ස්ථානය අලවංගුවකින් හාරනවිට එය ගැඹුරට ගිය බවත් තවදුරටත් පරීක්‍ෂා කර බැලීමේදී අඩි 30 ක් පමණ ගැඹුරැති උමං මාර්ගය දුටු බවත් එම ස්ථානයේ වැඩ කරමින් සිටි ප‍්‍රදේශවාසියෙකු සඳහන් කර තිබෙනවා.

පසුව ප‍්‍රදේශවාසීන් කිහිප දෙනෙකු උමගට බැස එය නිරීක්‍ෂණය කර ඇති අතර හරස් අතට ගමන් කළ හැකි මාර්ග දෙකක් තිබූ බවයි ඔවුන් ප‍්‍රකාශ කර ඇත්තේ. එහි කිසිදු අපහසුවකින් තොරව අඩි දහසක පමණ දුරක් ගමන් කිරීමට හැකි වූ බවද ප‍්‍රදේශවාසියෙකු පවසා තිබෙනවා.

කෙසේවෙතත් දැඩි අඳුර, අධික රශ්මිය සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් තමන් ආපසු පැමිණි බවයි එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මහනුවර රාජධානි සමයේ හගුරන්කෙත දක්වා රහසිගත උමං මාර්ගයක් තිබූ බවත් මෙය එවැන්නක් විය හැකි බවත් ප‍්‍රදේශවාසීන්ගේ මතයයි.

එම ස්ථානය භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ පරීක්‍ෂාවට ලක්ව ඇති අතර එය ස්වභාවිකව නිර්මාණය වූවක්ද නැද්ද යන්න පිළිබඳ පර්යේෂණයක් පැවැත්වීමට නියමිතයි.

kandy-www-nethnews-lk00001 kandy-www-nethnews-lk00002 kandy-www-nethnews-lk00003 kandy-www-nethnews-lk00004 kandy-www-nethnews-lk00005