Monday, September 23, 2024

General line - 0115112241

පේරාදෙණියේ නාට්‍යය උළෙලට බිත්තර ප‍්‍රහාරයක්




පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වාර්ෂික නාට්‍යය උළෙල අතරමග අවලංගු කර දැමීමට විශ්ව විද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් 9 වනදා සිට 15 වනදා දක්වා මෙම නාට්‍ය උළෙල පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබුණා.

ඔක්තෝම්බර් 9 වනදා එදිරිවීර සරත්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ මනමේ නාට්‍යය රඟදැක්වමින් තිබියදී නරඹන්නන් පිරිසකට බිත්තර ප‍්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ උප සභාපති ආචාර්ය ශාම් බන්නැහැක පැවසුවේ.

විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයක් දෙසින් මෙම බිත්තර ප‍්‍රහාරය එල්ල වී ඇති බවද කලා මණ්ඩලයේ උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.