Monday, September 23, 2024

General line - 0115112241

සිසුන් 32000ක් 5හේ කඩඉම පනී




මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් අතරින් තිස් දෙදහස් හයසිය හතලිස් දෙනෙකු දිස්ති‍්‍රක් කඩඉම් ලකුණට ඉහළ ලකුණු ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් තුන් ලක්‍ෂ හතලිස් තුන් දහස් හත්සිය පනස් හත් දෙනෙක් පෙනී සිටියා. ඒ අනුව සියයට 9 යි දශම 5 යි බින්දුවක ප‍්‍රතිශතයක් කඩඉම් ලකුණට ඉහළ ලකුණු ලබාගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණ වශයෙන් සැලකෙන ලකුණු 70 ට ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව දෙලක්‍ෂ හැට දහස් එකසිය තිහක් වනවා. එය විභාගයට පෙනි සිටි අයදුම්කරුවන්ගෙන් සියයට 75.67 ක ප‍්‍රතිශතයක්.

2016 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සාධන තත්ත්වය පිළිබද විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ සාරාංශයක මේ බව සදහන්.

මේ අතර මෙවර ප‍්‍රතිපල අනුව දිවයිනේ ඉහළම සාධන දර්ශකය සහිත පාසල් අතරින් පළමු ස්ථානය හිමිව තිබෙන්නේ නිකවැරටිය, ඇහැටුවැව, ඒරියාව කණිෂ්ඨ විද්‍යාලයටයි. දෙවන ස්ථානය කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට හිමිව තිබෙනවා.

අධ්‍යාපන මිනුම් සහ ඇගයුම් ක්‍ෂේත‍්‍රයේ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් අනුව සකසන ලද මෙම පාසල් සාධන දර්ශකයේ 3 වන ස්ථානය මඩාටුගම, හෙවනතැන්නේගම කණිෂ්ඨ විද්‍යාලයට සහ යාපනය ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයට හිමිව තිබෙනවා.