Monday, September 23, 2024

General line - 0115112241

පොලීසිය වෙඩි තැබූ අර්ජුන පාතාල සාමාජිකයෙක් නොවේ – මානව හිමිකම් කේන්‍ද්‍රය කියයි




අතුරුගිරිය පොලීසියට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර අර්ජුන නමැති පාතාල සාමාජිකයෙකු පලාගිය බවට පළ වූ ප‍්‍රවෘත්තිය සාවද්‍ය බව මානව හිමිකම් කේන්‍ද්‍රය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ පලා යන අවස්ථාවේ පොලීසිය වෙඩි තැබූ පුද්ගලයා පාතාල සාමාජිකයෙකු නොවන බවයි.

“මේ පිළිබඳව සොයා බැලුවම ගම්වාසීන්ගේ කරුණු ඉදිරිපත් කිරීම , ඒ වගේම නීතීඥවරුන් සොයලා බැලුවම අපිට දැනගන්න ලැබුන කාරණය තමයි මේ පුද්ගලයා පාතාලෙට සම්බන්ධකමක් නැහැ. ලංකාවේ කිසිම අධිකරණ බල ප්‍රදේශයකින් ඔහුට වරෙන්තු නිකුත්කරලා හෝ පොලිසියේ පාතාලය පිළිබඳ විමර්ශනය කරන කිසිඳු අවස්ථාවක මොහුගේ නම ඒ හා සම්බන්ධව ගෑවිලා නැති බව අනාවරණය වෙලා තිබෙනවා. මේ පිළිබඳව විශේෂ විමර්ෂණයක් පසුගිය දින 4 පුරා සිදුවෙලා තිබෙනවා. මේ වන විට මේ තරුණයා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. ඒ වගේම මේ අත්බෝම්බ සිද්ධිය තනිකරම ව්‍යාජයක් බව තමයි මේ වන විට අනාවරණය වෙලා තියෙන්නේ”.

අතුරුගිරිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ ඥාතියෙකුගේ දියණියක් සමග අර්ජුන නමැතැත්තා පේ‍්‍රමසබඳතාවක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔහුට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

එම හඬපටය පහතින් දැක්වේ.