Tuesday, September 24, 2024

General line - 0115112241

ලංකාවේ ලක්‍ෂයකට වැඩි පිරිසක් අන්ධභාවයට




ශී‍්‍ර ලංකාවේ ලක්‍ෂයකට වැඩි පිරිසක් අන්ධ භාවයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඔක්තෝම්බර් මස 13 වනදාට යෙදි ඇති ජාත්‍යන්තර අක්‍ෂි දිනය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මේ බව කියාසිටියා.

“ලෝකයේ මිලියන 285ක් දෙනා විවිධ අක්ෂි ආබාධ වලට ලක්වෙලා තියෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම මිලියන 39ක් අන්ධ භාවයට පත්වෙලා තිබෙනවා ලෝකේ පුරා විවිධ හේතු නිසා. ලංකාවේ අපි ගත්තොත් ලක්ෂ 15ක් දෙනාට මොනවහරි පෙනීමේ ආබාධ තිබෙනවා. ඒ වගේම ලක්ෂයකට වඩා වැඩි පිරිසක් අන්ධ භාවයට පත්වෙලා තිබෙනවා. මේ සඳහා අපි විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා”.