Monday, September 23, 2024

General line - 0115112241

විදුහල ඉදිරිපිට රිය අනතුරක් – සිසුවෙක් රෝහලේ




අම්බලන්තොට, මල්පෙත්තාව මහා විද්‍යාලය ඉදිරිපිටදී පාසල් සිසුවෙක් රිය අනතුරකට ලක්ව හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (11) උදැසන කහඉර ආසන්නයේදී පාර මාරු වී පාසල දෙසට ගමන් කරමින් සිටියදී මෝටර් රථයක ගැටීමෙන් එම සිසුවා තුවාල ලබා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරා අම්බලන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.