‘අයියෝ ‘ මේ වචනය ශ්‍රී ලාංකික අප එදිනෙදා භාවිතයට ගන්නා ජනප්‍රිය වචනයක් කීවෝත් හරි.
වේදනාවකට පත්වුණු විටෙක,කළකිරුණු අවස්ථාවක,යම් බලාපොරොත්තුවක් කඩවූ විටෙක අප බොහෝ විට මෙම වචනය භාවිත කරනවා.
අපි විතරක් නොවෙයි අපේ අසල්වාසි දකුණු ඉන්දියාවේ අයත් මෙම වචනය නිතර නිතර භාවිත කරනවා කියලයි කියන්නේ.
කෙසේ වෙතත් මේ ‘අයියෝ‘ මේ වන විට විශ්ව භාෂාවට එකතු වෙලා.
ඒ කියන්නේ ලොව ප්‍රමුඛතම ශබ්ද කෝශය වන ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අපේ ‘අයියෝ‘ ඇතුළත් වෙලා.
පසුගිය සැප්තැම්බර් මාසයේ ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට එක්වුණු නවතම වචන ගොන්නට මේ විදියට අපේ ‘අයියෝ‘ත් එකතු වෙලා තිබෙන බවයි වාර්තාවන්නේ.
මෙය ඉංග්‍රීසි බසින් ‘‘aiyoh, int.‘‘ ලෙස ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝශයට ඇතුළත් වෙලා තිබෙනවා.
වසර 150ක් පැරණි ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ මේ වන අන්තර්ගත වචන ප්‍රමාණය ලක්ෂ 6ක්.