Monday, September 23, 2024

General line - 0115112241

Galaxy Note 7 අවසන්




සැම්සුන් ගැලැක්සි Note 7 දුරකතන අළෙවිය නතර කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

විදෙස් වාර්තාවල දැක්වෙන්නේ එම දුරකතනවල බැටරිය පුපුරායාම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් සැම්සුන් සමාගම මෙම තීරණයට එළඹ ඇති බවයි.

ඒ අනුව ඉදිරියේදී ලොවපුරා අළෙවි කෙරුණු සැම්සුන් නෝට් සෙවන් දුරකතන මිලියන 2.5 ක් යළි සමාගම වෙත භාරගෙන නව ආරක්‍ෂිත දුරකතන ලබාදීමටද එම සමාගම තීරණය කර තිබෙනවා.