Monday, September 23, 2024

General line - 0115112241

ගම්මන්පිළට නඩුවකින් ඇප – රට යන්නත් අවසර




ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටෝනි බලපත‍්‍රයක් මගින් අළෙවි කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ඇපමත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ, අදාළ නඩුව මහාධිකරණ විනිසුරු පත්මිණි එන් රණවක ඉදිරියේ අද (11) කැඳවූ අවස්ථාවේදීයි.

රුපියල් ලක්‍ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්තී‍්‍රවරයා මුදාහරින ලෙසයි විනිසුරුවරිය මෙහිදී නියෝග කළේ.

මන්තී‍්‍රවරයාට මේ මස 13 වනදා සිට දින 3 ක කාලයක් ඉන්දියාවේ සංචාරය කිරීමටද අධිකරණය මෙහිදී අවසර ලබාදුන්නා. ඒ, උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුවයි.