Monday, September 23, 2024

General line - 0115112241

ඇවන්ගාඩ් අධ්‍යක්‍ෂවරයෙකුට රට යන්න අවසර




රක්නා ලංකා ආරක්‍ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දුට විදේශගතවීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (11) අවසර ලබාදුන්නා. ඒ, ඔහුගේ නීතිඥයන් ගොණුකර තිබූ මෝසමක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය විසින් සලකා බැලු අවස්ථාවේදීයි.

ලබන 24 වනදා දෝහා කටාර්හිදි ආරම්භ වන ආසියානු මළල කී‍්‍රඩා සංගමයේ සැසි වාරයකට සහභාගිවීම සඳහා පාලිත ප‍්‍රනාන්දු පෙත්සම මගින් අවසර ඉල්ලා තිබුණා.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවස්ථාව සලසාදීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත පාලිත ප‍්‍රනාන්දුට විදේශ ගමන් තහනම් කිරීමට අධිකරණය මීට පෙර නියෝග කළා.