Monday, September 23, 2024

General line - 0115112241

රමිත් රඹුක්වැල්ල චෝදනා 05ටම වරදකරු බව පිළිගනී




නොසැලකිලිමත් ලෙස රිය පදවා කොළඹ නිදහස් මාවතේ දී රිය අනතුරක් සිදුකළැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල තමාට එරෙහිව තිබූ චෝදනා පහටම වැරදිකරු බව අද (11) අධිකරණයේදී පිළිගත්තා.

කුරුඳුවත්ත පොලිසිය ඔහුට එරෙහිව නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම යන චෝදනා ඔහුට එරෙහිව ගොනු කර තිබුණා.

ඒ අනුව චෝදනා පහටම ඔහු වැරදිකරු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා ඔහුට රුපියල් 29000ක දඩ මුදලක් නියම කළා.

තාවකාලිකව අත්හිටුවා තිබූ රමිත් රඹුක්වැල්ලගේ රියදුරු බලපත්‍රයද මුදා හැරීමට මෙහිදී  නියෝග කළා.